මතකයන් නිදිවරන අමාරුම රැයක
මධු බඳුන් තිබුනේම අත පොවන දුරක
තුරු වදුල් පිස හමන සුලඟ වුව විටෙක
හැමුවේම අවුලන්න ගිනි පුපුරු හිතක
සියුමැලිම හිත් අගත් කටු පොකුරු තිබුනා
ගොරහැඬිම හිත් වලත් මල් සුවඳ රැඳුනා
ඇස් තෙමන් පෙර දවස් මහ ගොඩක් ගෙවුනා
හිත් පාර ගන්නැතුව හිනැහෙන්න තිබුනා
තරුවකට පෙම් බඳින අවසාන මොහොත
කවියෙකුට දැනෙනවා කල්පයක් දුරට
මධු බඳුන් පිරුනාට මතක වල බරට
හිත් ගොඩක් මත් වුනෙම කඳුලු වල සැරට