නොසිතු ලෙස පැමිණ අධ්‍යාත්මයට වැද
සැනසිල්ල සොරා ගත් බෝසත් සිතය නුඹ....
උඩු සිතත් යටි සිතත් නොදන්වා රැගෙන ගිය
දන්නා බව කියූ නොදන්නා සිතය නුඹ....
සිත කදුලු වැල් ගැන්න අතීතයෙ එක් දිනෙක
කදුලු සිද සිනහ වැල් ඒ මුවට ගෙන ආව
මද පවන මමයි කියූ අහින්සක සිතය නුඹ
මුදු එ සිත් අඩවියම සින්නක්කරව ලියාගත්
නොවැටහෙන පද පෙලක් හගවමින් නොහැගවූ
නොවැටහුනු සිතය නුඹ....
හිමිද නැති මුත් අහිමිද නොමැති බැව්
හගවමින් නොහැගවූ
දිවිසැරිය වෙනස් කල සොදුරු හිතවතා නුඹ....
බිදෙන් බිද හදුනගත්.... හදුනනා බව දැනත්...
නොහදුනන සිතක් ලග නොනවතින් කියූ නුඹ
දහක් සසල සිත් අතර නිසල සිත යැයි කියූ
නොසිතු ලෙස සසල වී ඉගිල ගිය සිතය නුඹ....

No comments:
Post a Comment