ඇරයුම

"සිහිනයට මෙහ යථාර්තය දකින්නට....."

Monday, September 22, 2014

ශාරදා....



ස0සාරෙම පෙරුම් පුරපු 
ප්‍රේමය හිමි නැති වුනාට 
ජීවිතයෙන් යන්න ඔනෙ 
නැහැනෙ ශාරදා..

පර්දාවෙන් වැහුනු කදුලු 
කවදාවත් නොදැක්කාට
මා දැක ඔය හිත හඩනව 
දැනුණ ශාරදා....

සුසුමක් වත් ඔබෙන් නැගුණු 
දැනෙන්නෙ නෑ මම කීවට
ඔබ වෙනුවෙන් කදුලු හෙලුවෙ 
මමයි ශාරදා....

ඔබ මැවු ඒ හීන ලෝකෙ 
දෙන්නට හැකිනම් විතරක් 
ඔබේ ලගට දිව එන්නට 
පැතුවෙ ශාරදා....

ඊට කලින් ඔබ යන වග
නො එන ගමන් හැමදාටම 
ඉගියක්වත් මට නොතිව්වෙ 
ඇයිද ශාරදා....

පෙම්  කළ වග ඒ තරමට
දැණුනත් ඔබෙ දෙනෙත් කිව්වෙ
මා හිමි නැති ලොව නොරැදෙන 
බවද ශාරදා....

වැලි කතරේ දාහය රැදි
ගැලුම් ගනන් දහඩිය කදු
ඔබෙ සිනහව දැක ගන්නට 
හෙලුවෙ ශාරදා....

ඔබ වෙනුවෙන් මන් හැදු ඒ 
මගුල් මුද්ද පලදවන්න
හෙට හවසට ග0 පතුලට 
එන්න ශාරදා....

3 comments: