
හඳ අයිති නම් අහසට සින්නක්කරට
වෙන කාට නම් අයිතිද එහි අඳුරු පට
අවිහිංසකව හිනැහුණු හඳ හාවාට
බැඳි පෙම එහෙමමයි දුටුවට ආවාට
පුරහඳ නොදැක්කත් දැන් දැන් ඇස් අස්සේ
අටවක වුනත් සිහිලයි මට තුන් තිස්සේ
සඳ කැන් වැටෙන් නැති දවසක තණ බිස්සේ
ඉන්නම් දරාගෙන තරු ඔච්චම් අස්සේ
නෙක කැටයමින් ඔපගත් රිවි කිරණකට
අහසක් විවර නොම වෙයි සඳ එළිය යට
නෙක විසිතුරින් පිරුනත් හිමිදිරිය හෙට
සඳ නැති ලොවක හෙට මට රජ කිරුළු මොට
No comments:
Post a Comment