ඇරයුම

"සිහිනයට මෙහ යථාර්තය දකින්නට....."

Monday, September 22, 2014

ශාරදා....



ස0සාරෙම පෙරුම් පුරපු 
ප්‍රේමය හිමි නැති වුනාට 
ජීවිතයෙන් යන්න ඔනෙ 
නැහැනෙ ශාරදා..

පර්දාවෙන් වැහුනු කදුලු 
කවදාවත් නොදැක්කාට
මා දැක ඔය හිත හඩනව 
දැනුණ ශාරදා....

සුසුමක් වත් ඔබෙන් නැගුණු 
දැනෙන්නෙ නෑ මම කීවට
ඔබ වෙනුවෙන් කදුලු හෙලුවෙ 
මමයි ශාරදා....

ඔබ මැවු ඒ හීන ලෝකෙ 
දෙන්නට හැකිනම් විතරක් 
ඔබේ ලගට දිව එන්නට 
පැතුවෙ ශාරදා....

ඊට කලින් ඔබ යන වග
නො එන ගමන් හැමදාටම 
ඉගියක්වත් මට නොතිව්වෙ 
ඇයිද ශාරදා....

පෙම්  කළ වග ඒ තරමට
දැණුනත් ඔබෙ දෙනෙත් කිව්වෙ
මා හිමි නැති ලොව නොරැදෙන 
බවද ශාරදා....

වැලි කතරේ දාහය රැදි
ගැලුම් ගනන් දහඩිය කදු
ඔබෙ සිනහව දැක ගන්නට 
හෙලුවෙ ශාරදා....

ඔබ වෙනුවෙන් මන් හැදු ඒ 
මගුල් මුද්ද පලදවන්න
හෙට හවසට ග0 පතුලට 
එන්න ශාරදා....

නුඹ....



නොසිතු ලෙස පැමිණ අධ්‍යාත්මයට  වැද 
සැනසිල්ල සොරා ගත් බෝසත් සිතය  නුඹ....
උඩු සිතත් යටි සිතත් නොදන්වා රැගෙන ගිය
දන්නා බව කියූ නොදන්නා සිතය නුඹ....

සිත කදුලු වැල් ගැන්න අතීතයෙ එක් දිනෙක
කදුලු සිද සිනහ වැල් ඒ මුවට ගෙන ආව  
මද පවන මමයි කියූ අහින්සක සිතය නුඹ

මුදු එ සිත් අඩවියම සින්නක්කරව ලියාගත්
නොවැටහෙන පද පෙලක් හගවමින් නොහැගවූ
නොවැටහුනු සිතය නුඹ....

හිමිද නැති මුත් අහිමිද නොමැති බැව් 
හගවමින් නොහැගවූ 
දිවිසැරිය වෙනස් කල සොදුරු හිතවතා නුඹ....

බිදෙන් බිද හදුනගත්.... හදුනනා බව දැනත්... 
නොහදුනන සිතක් ලග නොනවතින් කියූ නුඹ
 දහක් සසල සිත් අතර නිසල සිත යැයි කියූ
නොසිතු ලෙස සසල වී ඉගිල ගිය සිතය නුඹ....

Sunday, June 1, 2014

සිහිනයක්, මීට සහන්ගනා.....


ස්වර්ග රාජ්‍යට කලින්
තාරුකා වලට හොරෙන්
මාලතී කුසුම් පෙති මත
රැන්දු සිනහ කැන්

සෙනෙහෙබර වදන් වැල් රැදි
පන්හිදක තුඩග රැව් දෙන
තත්සරය වයන්නට ඔබ
නො එන බව දනිම්....

සත් පියුම් මතින් ගිලිහුනු
මල් තුහින ඉහුනු විල් දිය
ඇස් අගින් බලා සුසුමක්
සිතේ ගුලි කරන්

නෙත් සියක් සරින් මගහැර
සත් සියක් වසක් කල් වුව
සිත් අගින් මැවෙන රුව මත
අරුත වෙම් නිතින්....

Sunday, March 2, 2014

පද පෙලක් මැවූ සිතුවිල්ලක් (චන්දකින්නරාවි)........

චන්කින්නරාවි........ 






        ආදරය යනු හුදෙක් පුද්ගල භෞතික සන්තානයන් කේන්ද්‍ර කොටගෙන පවතින සිතුවිල්ලක්ද, නැතහොත් පුද්ගල මනෝභාවයන් මත නොවෙනස්ව පවතින්නක්ද යන්න ගැටලුවක් කර නොගත්තෙකු නොමැත... 
        නමුදු විවිධ පැතිකඩ ඔස්සේ උපතේ සිට අප වෙත ගලා එන ආදරය, අප වෙතින් ගලා යන ආදරය, අඩු වැඩිව හසුරුවන්නට මනෝභාවයන් අභිභවා භෞතික ආටෝපයන් නිමිත්තක් නොවන බව කාට නම් කිව හැකිද?....

        මනෝභවයන් මත එකත්පස්ව,නොවෙනස්ව ඇරඹුමේ සිට අවසානය තෙක් ආදරය සිත්තම් කරන්නට හැකි සිතක් උරුම කරගත්තවුන් කෙතරම් නම් අපූරුද........

    රුදු පොළව මතින් දිවෙනා

          විඩාබර දිගු ගමනේ........
    මුදු සිනිදු දෙපා ර්‍රිදෙනා
          වේදනා සුසුම් අතරේ........
      ආදරේ ශේශ වේවිද - චන්කින්නරාවී.......


        රුදු පොළව මතින් දිවෙනා,විඩාබර දිගු ගමනේ.....  වේදනා සුසුම් අතරේ, බැදි ආදරය නොවෙනස්ව ශේශ කරගත් ඇය,
        බුදුන් පෙර භවයේ නොවෙනස් ස්නේහයෙන් සත්යක්‍රියා කොට හිමියන් රැක ගත් පාදපරිචාරිකාවක වූ ඒ චන්කින්නරාවියම නොවන්නේද........ 

Friday, February 14, 2014

දෝණි.....







සත්කුලු පව්වට ඉරගල වැටිලා
තුෂාර බිදු සිද රැගෙන ගියා....
අසාර වූ දිවියක කටු සටහන්
සදමල ගෙපැළින් රැගෙන ගියා.... 

හිරුමල මිලිනව ගිය සන්දෑවක
දෝතට ගත් කිරි සුවද එදා....
තනිව හැඩූ හද ඉවුරු කොනට වැද
පිතු සෙනෙහස මට පසක් කළා....

නෙතක් වසා ඉසිඹුවක් නොලැබ 
හැදු මලක් සදිසි කුමරියක් වෙලා නුඹ....
කිරුළු දරන් මා නෙතු අද්දර හිද
සිනාසුනා සිහිනෙකින් පවා....

සිතුම් අරා උඩු වියන් දරා 
බුදු වදන් වදාළන සසුන් කරා.... 
නොයන් පුතේ නොකියමින් අදත් මම
බවුන් වඩමි හද තැවුල් දරා....