ස්වර්ග රාජ්‍යට කලින්
තාරුකා වලට හොරෙන්
මාලතී කුසුම් පෙති මත
රැන්දු සිනහ කැන්
සෙනෙහෙබර වදන් වැල් රැදි
පන්හිදක තුඩග රැව් දෙන
තත්සරය වයන්නට ඔබ
නො එන බව දනිම්....
සත් පියුම් මතින් ගිලිහුනු
මල් තුහින ඉහුනු විල් දිය
ඇස් අගින් බලා සුසුමක්
සිතේ ගුලි කරන්
නෙත් සියක් සරින් මගහැර
සත් සියක් වසක් කල් වුව
සිත් අගින් මැවෙන රුව මත
අරුත වෙම් නිතින්....
ලස්සන කවියක් නෙලූ
ReplyDeleteස්තූතියි ෂැගී.....
Delete